සුළඟට ලෙළෙන රිදී සීනුවකි ප්‍රේමය ....





රනින් නිමවා රවුම් සිරකුටියක්
සිර නොකර තබා සිතුම් සිය දහසක්

 රිදී සීනුවක හැඩයෙන්
ගෙන එන්න  මිහිරි ප්‍රේමයක්

හද උයන හොඳින් පෙනෙනා තැනක
සරසමි
සුළඟට කවි කියන
සිලි සිලි හඬින් මුමුණන

ප්‍රීතිමත්  සියොත් කටහඬට
මිහිරි තනුවක් කියා දිය හැකි










Comments

  1. පුරාණ ගල් ටැම් බඳු නටබුන් මනුෂ්‍ය සමූහයක් මැද
    ලෙයින් මසින් සැදි ගැහැනියකව දිවි ගෙවීම
    තරම් දරුණු දඬුවමක් කොයි වෙද?

    කිරිල්ලක ව සරන්නෙමි
    විසල් අහසේ

    ආ... මේ ඇසෙන්නේ ඒ රිදී සීනු හඬ
    අලුත් තනුවක් මුමුණන
    නමුදු නොනවතිමි...

    ලස්සනයි... චිත්‍ර මැවෙන්නෙ හිතේ...

    ReplyDelete
    Replies
    1. සුන්දර වැඩක්... සිත්තමක් සහ කවියක්...

      Delete
  2. හලෝ මේක මම උස්සනවා ඔයගෙන්

    ReplyDelete

Post a Comment